ඇය් දෝ යලි ආවේ……

මගෙත් කකුල් දෙක හොදට තියෙන ඇවිදින්න පුලුවන් කාලේ ඒගැන කිසිම වටිනාකමක් දැනුනෙ නෑ...ඒත් දැන්........

සමහර දේවල් තියෙනකොට අපිට කිසිම අගයක් නෑ.. නැතිවුනාම අගේ වැඩියි.. ඒත් එතකොට ප්රමාද වැඩියි........

අජාසත්තට තාත්තගෙ වටිනාකම දැනුනෙ ඔහුට පුතෙක් ඉපදුන වෙලේ.... ඊට සුලු මොහොතකට කලින් පියා මියගිහින්...කොහොමද ආපස්සට අදින්නේ....බටහිර භෞතික විද්යාව සෘෂි භාෂිතයක් වගේ අදහන අය නම් කියනේ "කාල යන්ත්රයකින්” අතීතෙට ගිහින් පරන දේවල් වෙනස් කරන්න උත්සාහ කළ යුතුයි කියල... අයින්ස්ටයින්ගෙ සමීකරණයට අ...නුව ආලෝකයේ වේගය ඉක්මවා වේගයකින් චලනය වන සමුද්දේශ රාමුවක් තුල “කාලය සෘණ" වෙනවලු.......උසස් පෙළ ව්යවහාරික ගණිතය හදාරන කලෙ නම් හිතුව ඒව ඇත්ත කියල.......ඒත් ඉතින් ඒක හුදු හිතලුවක් පමණයි කියල දන්නෝ දනිති.....
බොහෝ කලක් ආදරය කළ දෙදෙනෙක් විවාහ වෙලා දුඑකුත් ලබනවා....ටික දවසක් යද්දි මේ විවාහය දෙදරා ගිහින් ඔහු ඇය තනිකර දමා යාමට තීරනය කරනව...එහෙත් ඇය දිගින් දිගටම ඔහු රදවා ගන්න උත්සාහ කලත් පලක් වෙන්නේ නැහැ....

ඔහු ඇයගේ ඉල්ලීම් තඹයකට නොතකා වෙන් වෙනවා....ඒත් එක්කම ඔහු දෙවෙනි විවාහයකුත් කරගන්නව....බොහෝ කලක් තනිවම සිටි ඇය තමාගේ ඉදිරි ජීවිතයේ සරණ පතා වෙනත් විවාහයක් කරගන්නව....ඇයගෙ අලුත් ස්වාමියා ඇයට රැජිනකට වගේ සලකන ගුන යහපත් කෙනෙක්..ඇය හිතෙනවා හැමදේම වෙන්නේ හොදටමයි කියල..මොකද දැන් ඇයගේ ජීවිතේ ඉස්සර වගේ අඩ දබර කෝලහාල නෑ....බොහොම සාමකාමී........

තමන්ගේ දෙවෙනි විවාහයේ බිරිදගෙ නොමනා හැසිරීම් අතටම හසු වුනාට පස්සේ ඔහුගෙ සිත පෑරෙනව....මම කොච්චර වටින කෙනෙක් අත හැරලද මේ ආවේ...ඒත් මගේ ඒ පරිත්යාගය වත් ගනනකට නොගෙන මගෙ අලුත් බිරිද හැසිරෙන විධිය....කිසි කමකට නෑ....

ඔහු තමන්ගේ පැරණි බිරිද සිටිනා ප්රදේශයට යන්නේ ඇය හොයාගෙන .....ඔහු එවැනි මොහොතක නැවතත් පැමිනේවියැයි ඇය කිසිසේත්ම බලාපොරොත්තුවෙන්නේ නෑ.....ඒත් මෙන්න ඇවිත්.....ඇය ඔහු දෙස උපේක්ෂාවෙන් බලා නොසලකා හරිනව........

"මේ... මට ඔයා ටිකක් හමුවෙන්න පුලුවන්ද....?”
"මොකටද ?"
"ටිකක් කතා කරන්න"
"මොනව කතා කරන්නද...අවුරුදු ගානක් මම එක්ක කතා කලානේ....ඊට පස්සේ උසාවියෙදිත් මහ සද්දෙන් කතා කලානේ..."
"එහෙම කියන්න එපා....මම හෙට නිවාඩුවක් දාල එන්නම...ඔයාට පුලුවන්ද ගෝල් ෆෑස් එකෙ බස් හෝල්ට් එක ලගට එන්න උදේ අටට විතර....?"
"පිස්සුද..?..මම දැන් බැදපු කෙනෙක්. ඒ මනුස්සය මට සලකන්නේ රැජිනකට වගේ...අපි ඉන්නේ හරිම සතුටින්....ඒක නැති කරන්නද ආපහු හදන්නේ....?..මම මොකටද තමුන් එක්ක ආයෙත් අතන මෙත රස්තියාදු වෙන්නෙ...කරුනා කරල ආපු අතක් බලාගෙන යන්න මට කරදර නොකර.....තමුන්ට මගෙන් අහන්න තියෙන අලුත් ප්රශ්නවලට මම ලගදිම උත්තර දෙන්නම්...දැන් යන්න තවත් වධ නොදි...ප්ලීස්...."

අකලට වට මහ වරුසාවක්සේ …..
අසුබ දිනෙක ආ සුබ පැතුමක්සේ……
මාහැර ගිය ඔබ නොසිතු මොහොතක
ඇය් දෝ යලි ආවේ……

පෙරදාමෙන් හද මල් පිපුනාදෝ …..
සතුටු කදුලු මුවනද මිදුනාදෝ……
අතීත ආදර නටඹුන් අතරේ
මන්දිර මැව්වාදෝ......

සොවක් නැතේ නොසිතනු මැන සන්කා....
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා.....
රජෙකුට හිමිවුන මා දැන් රැජිනකි
සතුටයි කිරුල අපේ.....

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ…..
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ…….
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ලගකදි ලබන දිනේ……

පද ගෙත්තම : දයා ද අල්විස්
සටහන : චාමර වන්නිආරච්චි

https://www.youtube.com/watch?v=EGG0FT2UYB4


 

Comments

Popular Posts