මගෙන් රිදවුම් දෙවුන මොහොතක ඔබේ වත මට නැගේ සිහියට ....."

බොහෝ කලක් ආදරය කල ඔහුගේ එම ආදරය කෙලවර වුනේ විවාහයෙන්...ඒත් ටික දවසක් යද්දී ඔහුට ඇයගෙ අඩුපාඩු පෙනෙන්න පටන් ගත්ත...ඉතින් ඊට පස්සෙ නිතර නිතර ඇයත් සමග දබර ඇති කරගත් ඔහු ඇයගේ කෙස් වැටියෙන් අල්ලාගෙන හිස දෙපසට සොලවමින් පහර දෙන්න පටන් ගත්තා....මේ තාඩන පීඩන ඉවසන්න බැරිවූ තැන ඇය ඔහු දමා යන්න ගියා....හුදෙකාලාවේ ගිලුනු ඔහු සවස් වරුවේ පාලුව දැනුන නිසා වැව් ඉවුරේ නිසොල්මනේ ඉන්න පටන් ගත්ත....එක දවසක් හැන්දෑවේ වැව දිහා බලන් සිටිය ඔහුගේ මනස එකවරම තිගැස්සුනා.......

වැවේ තනිවම පිපිල තිබුන සුන්දර නෙලුම් මලක් ඒ වෙලාවෙ හැමුව පින්න සහිත සුලගට වේගයෙන් දෙපසට වැනෙන්න පටන් ගත්ත....ඒ මලේ පෙති මත පිණිකැට විසිරිලා.........

ඔහුට එකවර අතීතය මතක් වුනා....මේ සිය පත් මත විසිරිලා තියෙන පිණිකැට හරියට ඇයගේ මුහුනේ රැදුන කදුලු කැට වගේමයි.......තමන් ඇයගෙ කෙස් වැටියෙන් අල්ලාගෙන පහර දෙද්දී ඇය දෙපසට වැනුනෙත් හරියට මේ සිය පත සැඩ සුලගට "සර-සර" ගාගෙන වැනෙනවා වගේමයි......ඔහු ඇයට රිදවූ සැටි මතක් වෙන්න පටන් ගත්තා.......ඔහුගෙ පහර කාපු ඇයගේ මුහුන ඔහුට එකවර මතක් වුනා.....

"සිය පතක් මත විසුල පිණි කැට
සැඩ සුලන් වැද සර සරින් යෙත......
මගෙන් රිදවුම් දෙවුන මොහොතක
ඔබේ වත මට නැගේ සිහියට ....."

ඇයත් එක්ක ලගින් ඉන්න කාලේ ඇගේ තොල් පෙති වල මිහිරෙන් මත්වෙලා සිට් අයුරු ඔහුට සිතට නැගෙන්න වියො දුකත් එක්කමයි....

"සතර අත පෙති විහිද විකසිත
 මලේ මල් මී මවනයුරු දැක.....
ඔබේ ලවනත සැදුන මීවිත
 මත් කලා මතකයි මගේ සිත......"

ඇසට අසුවන මායිමේ.......
බමර සැනකෙලි මල් විලේ.....
ලසෝ ලැව් ගිනි ඇවුලුනා සිත.....
ඔබ මගෙන් වෙන්වූ දිනේ.....

පද ගෙත්තම : මහින්ද දිසානායක
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=LzRBbeeRRCQ

 


 

Comments

  1. ලස්සන ගීයකට උචිත අර්ථකතනයක් !

    ReplyDelete

Post a Comment

Popular Posts